සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අයිතිවාසිකම් තහවුරු කරනවා වෙනුවට ධනය තිබෙන අයට ලබාදෙන වරප්‍රසාදයක් ලෙස අද අධ්‍යාපනය පත්වී ඇති බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ප්‍රතිපත්තිය වී ඇති බවත් හෙතෙම පැවසූයේ අද(17දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
ශිෂ්‍ය අරගල සම්බන්ධයෙන් සමාජයේ විවිධ විග්රහ විවිධ චිත්‍ර ගොඩ නඟා තිබෙනවා. ඇතැම් අය කියනවා ශිෂ්‍ය අරගල කියන්නේ කඩාකප්පල්කාරී ක්‍රියා කියලා. තවත් සමහරු එම අරගල ශිෂ්‍යයින්ගේ නොහික්මුණු කි‍්‍රයා ලෙසත්, තරුණයින්ගේ ගැටුම්කාරී ස්වභාව නිසා ඇතිකරගන්නා ගැටුම් ලෙසත්, ශිෂ්‍යන්ට අදාල නොවන දෙයක් ලෙසත්, අර්තකථනය කරමින් තිබෙනවා.
විශ්වවිද්‍යාල ශිෂ්‍යන් සෑම කෙනෙකුගේම අභිලාෂය, අරමුණ වී තිබෙන්නේ අධ්‍යාපනය කටයුතුවල නියැළීමයි. විශ්වවිද්‍යාලයට එන දරුවා උසස් පෙළ විභාගය සමත්වීම වෙනුවෙන් දරනු ලබන උත්සහය කැපවීම තුළින්ම පෙන්නුම් කරනවා ඔවුන්ගේ මූලික අරමුණ, අභිලාෂය අධ්‍යාපනය ලබාගැනීම බව. නමුත් එම සිසුන්ට අද පාරට බහින්න සිදුවෙලා තිබෙනවා; උපවාස කරන්න සිදුවෙලා; සෑම වෛද්‍ය පීඨයක් ඉදිරිපටම සත්යග්රහ කරන්න සිදුවෙලා; පංති වර්ජන, රැස්වීම් කරන්න සිදුවෙලා; අනෙකුත් දේශපාලන ව්‍යාපාර සමග ඒකාබද්ධව සටන් කරන්න සිදුවෙලා. එනිසා මෙම අරගල ඇතිවී තිබෙන්නේ තරුණකම නිසා ඇතිවූ ගැටලූවක් නිසා නොව පාලකයින්ගේ වැරදි අධ්‍යාපන ප්‍රතිපත්ති නිසා ඇති වූ ප්රතිවිපාකයක් ලෙසයි.
සිසුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලූ දෙකක් තිබෙනවා. එකක් ඔවුන්ගේ අධ්‍යාපනයට සරිලන වටපිටාවක් නොමැතිකම. ඈත ගම්මානවල සිට එන සිසුන්ට නේවාසිකාගාර ලබාදීම ආණ්ඩුවේ වගකීමක්. නමුත් අද කොළඹ, මොරටුව, ජයවර්ධනපුර ඇතුලූ විශ්විද්‍යාල ගණනාවක සිසුන්ට තම අධ්‍යාපන කටයුතුවලට සරිලන නවාතැනක් ලැබී නැහැ. ඒ වගේම නියමිත පාඨමාලාවන් සඳහා මානව සම්පත් හිඟකමක් තිබෙනවා. අග්නිදිග විශ්වවිද්‍යාලයේ කාලයක පටන් ආචාර්යවරුන්ගේ හිඟයක් තිබෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ආචාර්යවරුන් ඉල්ලා ශිෂ්‍යයන්ට අරගල කරන්න සිදුවුණා. මෙම මානව හා භෞතික සම්පත් හිඟය නිසා ශිෂ්‍යයන්ට අධ්‍යාපනයට හොඳ වටපිටාවක් ගොඩනැගිලා නැහැ. ඒ වෙනුවෙන් අරගල කිරීම ශිෂ්‍යයන්ට තිබෙන අයිතිවාසිකමක්. එය සාධාරණ යුක්තිසහගත නැද්ද?
මේ ආණ්ඩුවල අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ මොකක්ද? සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අයිතිවාසිකම් තහවුරු කරනවා වෙනුවට ධනය තිබෙන අයට ලබාදෙන වරප්‍රසාදයක් ලෙස අද අධ්‍යාපනය පත්වෙලා. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කර විකුණා ලාභ ලැබීමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ. දැනුම විකිණීම ශිෂ්ට සම්පන්නද? දැනුම යනු මුළු මානව ශිෂ්ටාචාරයේ අත්දැකීම්වල සම්භාරයයි. එය අයිති මානව සමාජයටයි. ඒ දැනුම සයිටම් මුදලාලිට අයිති දෙයක් නෙවෙයි. ඔහුට දැනුම අලෙවි කළ හැකිද? මේ වනවිට ලෝකය පුරා විශාල සංවාදයක් මතුවෙලා තිබෙනවා දැනුම වෙළඳ භාණ්ඩයක් කොට ලාභ ලැබීම සාධාරණද කියලා. පැවති පාලනයත් පවතින පාලනයත් අධ්‍යාපනය විකුණන්න සැලසුම් කළා. සයිටම් ආයතනය එහි හොඳම උදාහරණයයි. අධ්‍යාපනය විකිණීමට එරෙහිව ශිෂ්‍ය සටන් පැන නැගිලා තිබෙනවා. එය අද ශිෂ්‍ය ව්‍යාපාරයේ පමණක් නොව ජනතා අරගලයක් බවට පත්වෙලා. අධ්‍යාපනය වරප්‍රසාද ලත් පැලැන්තියට ලබාදීම වැළැක්විය යුතුව තිබෙනවා. ආණ්ඩුව අධ්‍යාපනය විකිණීමේ තම ප්‍රතිපත්ති වෙනස් කරනවා වෙනුවට එය අද අධිකරණයේ කාර්යභාරයක් ලෙස සළකා අධිකරණයට පවරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරනවා. සෞඛ්‍ය ඇමතිගේ ඥාති දියණියත් අද සයිටම් ශිෂ්‍යාවක්. අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සකස් කිරීම ආණ්ඩුවේ කාර්යභාරයක්. එකිනෙකාට බෝලය පාස් කිරීම ආණ්ඩුවේ මෙම කි‍්‍රයාවලිය නිසා අද සිසු දරුවන්ට මහමඟට එන්න සිදුවෙලා. කොටුව දුම්රියපොළ ඉදිරිපිට නිදි වර්ජිතව සටන් කරන්න සිදුවෙලා. යැයි පැවසීය