විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ගොඩනැගිල්ල ඉදිරිපිට උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයට ප්‍රමාණවත් පරිදි ආචාර්යවරුන් බඳවා ගැනීමට කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ආචාර්යවරයා මෙම උපවාසය ආරම්භ කිරීමට සැරසෙයි.
මේ වන විට ඔහු උපකුලපතිවරයාගේ කාර්යාලයේ රැදී සිටින අතර විසඳුමක් ලැබෙන තෙක් ගොඩනැගිල්ලෙන් ඉවත් නොවන බවද පැවැසීය.