ආගමික පැමිණිලි විමර්ශන පොලිස් ඒකකයක් පිහිටුවීම යහපත් කටයුත්තක් නොවන බවත්, මේ තත්ත්වය තුළ ආගමික ගැටලු විසඳිය නොහැකි බවත්, තාක්ෂණ පර්යේෂණ හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (28 දා) මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ තත්ත්වය විමර්ශන ඒකකය වෙනුවට ආගමික පොලීසි බිහිවීම දක්වා දුර දිග යා හැකි බවත්, එසේ නොවී කහ සිවුරටත්, සුදු ලෝගුවටත් එකම නීතියක් ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.