ශ්රී ලංකාවේ ආගමික නොසන්සුන්තාවක් නොමැති බවත්,එවන් වූ ආගමික ගැටුමකට ශ්රී ලංකාව තුළ හිස එසවීමට තමන් ඉඩ නොදෙන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
රාජ්ය චාරිකාවක් සඳහා බහරේන් රාජධානිය වෙත ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ (29දා) එරට වෙසෙන ශ්රී ලංකා ජනතාව අමතමින් ඉහත අදහස් ප්රකාශ කළේය.
එහිදී තවදුරටත් අදස් දැක්වූ ජනපතිවරයා කලක් ගත වී වුවද බහරේනය සමග රාජ්යතාන්ත්රික සබඳතා ඇරඹීමට හැකිවීම සතුටක්බවද පැවසීය.