කොස්ලන්ද මීරියබැද්ද වත්තේ නායයෑමට ගොදුරුව මියගිය සියලු දෙනාගේ මෘතදේහ හමුවනතුරු සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මධ්‍යම ආරක්ෂක සේවා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා මහතා 'අද' පුවත්පතට පැවසීය.
අඩි 10 සිට අඩි 30 දක්වා ගැඹුරට පස් තට්ටුවකින් වැසීගිය මෘත දේහ සෙවීමේ ඵලය කුමක්දැයි සමහරුන් ප්‍රශ්න කරන බව කී මේජර් ජනරාල්වරයා විපතට පත්වූ අයගේ ඇතැම් පවුල්වල ඥාතීන් පවා තවදුරටත් කැණීම් සිදුකර කිරිම අනවශ්‍ය බව පවසා ඇතැයිද සඳහන් කළේය.
එහෙත් තවත් පිරිසක් තම ඥාතීන්ගේ මෘත දේහ හමුවන තුරු මෙහෙයුම සිදුකරන ලෙස ඉල්ලා ඇතැයිද ඒ නිසා අවසන් මෘතදේහය හමුවන තෙක් සිය මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද ආරක්ෂක සේවා ආඥාපතිවරයා දඳහන් කළේය.
ත්‍රිවිධ හමුදාව පොලීසිය යුද හමුදා කමාන්ඩෝ බළකාය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කරන අතර, දහසක් පමණ වූ එම පිරිසට අමතරව යුද හමුදා කමාන්ඩෝ බළකායේ නිල සුනඛයන් සිවු දෙනෙක් මෙම මෙහෙයුම සඳහා සහභාගි වී සිටින බවත් ඔහු සඳහන් කළේය.
නායායෑමෙන් වැසීගිය මාර්ගය ඊයේ ( 02 දා) දිනයේ දී සොයා ගැනීමට හැකි වූ බවත් ඊට අමතරව ති‍්‍රරෝද රථයක් කනකර අබරණ ඇඳුම් පැලඳුම් හා පාසල් සිසුන්ගේ පොත්පත් හා ලිපි මෙන්ම ජාතික හැදුනමිපත් රැසක් ද හමු වූ බවද ඔහු සඳහන් කළේය.
කොස්ලන්ද මීරියබැද්දවත්ත සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ 37 දෙනාගෙන් ඊයේ (02දා) රාත්‍රිය වනවිටත් සොයාගැනීමට හැකිවූයේ හය දෙනෙකුගේ මළසිරුරු පමණි.
බදුල්ලේ පාලිත ආරියවංශ, ඇල්ල ප්‍රසාද් රුක්මල්, හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර