ස්ත්‍රී දූෂණවලට සම්බන්ධ, හොරකම් කළ, පගාව ගත් , වංචා දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෝ එක්ව වෙනම පක්ෂයක් සාදාගන්නේ නම් එය සුදුසු බවත් එම පක්ෂයට සුදුසු නමක් යෝ‘ජනා කිරීමට තරගයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඊළඟ අවුරුද්ද සමරන්නේ ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ කියලා කවුරුහරි කිව්වනම් ඒ මොළේ ආබාධයක් තියෙන කෙනෙක් කියලා තියෙන්නේ. ඒකෙනා මෙළේ පරීක්ෂා කරගත්තා නම් හොඳයි. ඒ අවුරුද්ද කනකොට අපි බලාගෙන ඉන්නවා කොහොමද කන්නේ කියලා. එහෙම කියපු කෙනාට තණකොළ ටිකක් එකතු කරලා දුන්නනම් හොඳයි අවුරුදු කෑමට.
අපි පැහැදිලිවම පක්ෂය බෙදන්න කටයුතු කරන්නේ නැහැ. නමුත් හොරකම් කරපු, ස්ත්‍රී දූෂණවලට සම්බන්ධ, පගාව ගත්තු , වංචා දූෂණවලට සම්බන්ධ අය එකතුවෙලා වෙනම පක්ෂයක් හදාගන්න එක හොදයි. ඒ පක්ෂයට සුදුසු නමක් තමයි හදාගන්න අවශ්‍ය.* යැයි අමාත්‍යවරයා පැවසුවේ අද(27දා) පැවති මාධ්‍ය හමුවකදීය