2014 අයවැය මගින් යෝජිත දේශීය අර්තාපල්, ලොකු ලූණු හා වියළි මිරිස් නිෂ්පාදන සඳහා සහතික මිල ක්‍රමයක් හඳුන්වාදීම තුළින් ගොවීන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි මෙම සහතික මිල ක්‍රමය යටතේ අර්තාපල් කිලෝ ග්‍රෑම් 1ක් සඳහා රු.80/- ක සහතික මිලක්ද, ලොකු ලූණු කිලෝ ග්‍රෑම් 1ක් සඳහා රු.60/- ක සහතික මිලක්ද, වියළි මිරිස් කිලෝ ග්‍රෑම් 1ක් සඳහා රු.350/- ක සහතික මිලක්ද ගොවීන්ට ලැබෙන බව පවසයි.
එමෙන්ම, බීජ අර්තාපල් හා ලොකු ලූණු බීජ නිෂ්පාදනය සඳහා ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් බීජ අර්තාපල් කිලෝ ග්‍රෑම් 1ක් සඳහා රු.160/- ක සහතික මිලක්ද, ලොකු ලූණු බීජ කිලෝ ග්‍රෑම් 1ක් සඳහා රු.12,000/- ක සහතික මිලක්ද ලබාදීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම යෝජිත සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කරමින් අර්තාපල් ගොවීන් හා ලක් සතොස ආයතන අතර ඉදිරි වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමේ සමාරම්භක උත්සවය මාර්තු මස 28 වැනිදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.