තමන්ට මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇවන්ට් ගාඩ් සමාගමට එරෙහිව අවලාද නගන බවට එම ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මාධ්‍ය මගින් අවලාද නගන නිසා ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ලිපියක් යවමින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ඇවන්ට් ගාඩ් සමාගමෙන් මුදල් ඉල්ලා එය නොලැබුණු නිසා තමන් එම ආයතනයට එරෙහිව අවලාද නගන බවට නිශ්ශංක සේනාධිපති මහතා මාධ්‍යවලට විවිධ ප්‍රකාශ කර තිබෙන බවත්, මේ නිසා අමාත්‍ය තනතුරු දරන තමන්ගේ කීර්තිනාමයට කැළලක් ඇති වී තිබෙන බවත්එම අමාත්‍යවරුන් යැවූ ලිපියේ සඳහන් වේ.