ඉන්දියාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව එක්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ගෙන ඒමට සූදානම් වන වාර්ෂික ලාබ බෙදීමේ ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවට විරුද්ධ වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද තීරණය කළේය. ඒ අනුව තම විරෝධතාව දන්වා අයි.සී.සීයට ලිපියක් යැවීමට අද සවස පැවති විධායක කමිටු රැස්වීමේ දී තීරණය විය.