Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා
2016 වසර සඳහා වන අය-වැය මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අත්‍යාවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩුකිරිමට එහිදී කටයුතු කළ අතර රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමටක් සිදු නොවුණි. පෞද්ගලික අංශයේ සේවකයාගේ සතියකට සේවා කාලය දින 5කට සීමා කළේය. අධ්‍යාපනයට රුපියල් මිලියන 90000ක් වෙන්කිරීමට කටයුතු කළේය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්යවපාරියක් සඳහා ණය ලබාගැනීමේදී අප ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන්කරනවා
සාංගමික ව්‍යාපාර බදු අඩු කිරීමට කටයුතු කරනවා
සුපිරි වෙළද සැල් වලින් කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්ත කරුවන් සඳහා කුඩා ඉඩක් ලබාදෙන ලෙ ඉල්ලා සිටිනවා
ඌණ උපයොජන ඉඩක් පෞද්ගලික අංශයට ලබාදීවා ඒවා දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1000ක් වෙන්කරනවා.
වියළි මිරිස්, ආර්තාපල්, ආදී කෘෂි භෝගවලින් රට ස්වයං පෝෂිත කිරීමට කටයුතු කරනවා.
ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු බීජ හා රෝ්පණ ද්‍රව්‍ය බිංදු ජල හරිතාගාර තාක්ෂණ යොදාගෙන වැඩි අස්වැන්නක් ලබා දීමට කටයුතු කරන
කෘෂි උපකරණ ආනයනයේදී බදු සහන ලබාදිමට කටයුතු කරනවා
කෘෂි අස්වනු නෙලන කාලයේදී මිල අඩුවීම වැළැක්වීම සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වෙයන් යුතු ගබඩා සකස්කරනවා
මන්නාරම් ගබඩාවේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා රු. මිලියන 1000 ක් යෙදවිමට යෝජන කරනවා
කිරිපිටි 400 ග්‍රෑම් මිල 325 සිට 295 දක්වා අඩු කිරීමටත්, දේශීය කිරි ගොවින්ට සහනාධාරයක් ලබාදිමට කටයුතු කරනවා.
දේශීය ධීවර කර්මාන්තයේ නියැළෙන්නන් සඳහා රු බිලියන රක්ෂණයක් ලබාදීමට යෝජනා කරනවා
නවීන තාක්ෂණයන් සහිතව වරයා ඉදිකිරීමට කටයුතු කරනවා. ඒ සඳහා මිලියන 750 ක් ලබාදිමට යෝජනා කරනවා.
දේශී්‍ය කුකුළු මස් නිෂ්පාදන පුළුල් කිරීමට කටයුතු කරනවා. මැදපෙරදිග ආදී රටවල්වලට මෙන්ම නව වෙළෙඳ පොළවල් කුකුළු මස් අපනයනය කිරීමට කටයුතු කරනවා
තේ කර්මාන්තය මධ්‍යම, කුඩා තේ හිමියන් සඳහා සංවර්ධනය කිරීම සඳහා කමිටුවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
තේ මිශ්‍ර කිරීමේදී අගය වැඩි කිරීමට කටයුතු කරනවා. සිලෝන් ටී (Ceylon Tea) නාමය නොවෙස්ව පවත්වාගෙන යාමට කටයුතු කරනවා.
තේ මිශ්‍ර කිරීම් ප්‍රතිපත්ත ලිහිල් කිරීමට කටයුතු කරන අතර, සිලෝන් ටී නාමයට පළදුක් නොවන ආකාරයට කටයුතු කිරීමටද කටයුතු කරනවා.
පොල් නිශ්පාදනය පුනතරුත්තාපනයට රුපියල් මිලියන 250ක් වෙන්කරනවා
පොල් නිෂ්පාදන උනන්දුකිරීමට සඳහා වසර 02 බදු සහන ලබාදිමට කටයුතු කරනවා.
පුවක් නිශ්පාදනය වැඩිකර වාණිජ වශයෙන් එය නිශ්පාදනය කිරීමට කටයතු කරනවා. අපනය අරමුණ අනුව අගය එකතු කිරීමට කටයුතු කරනවා.
ග්‍රාමීය ජනතාවගේ ජිවන තත්තවයට වැඩි කිරීමට පොදු පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. කෘෂි ව්‍යවසායන් පිහිටුවා ග්‍රමීය සංවර්ධනය ගමකට මිලියන 1500ක් බැගින් මිලියන 21000ක් වෙන්කරනවා.
පරිසර දූෂණය වළක්වා පරිසර සමතුලිතතාව වර්ධනයටත, ජීව සම්පත් සංරක්ෂණ සඳහාත් මිලියන 2000ක් ලබාදිමට යෝජනා කරනවා
අලි මිිනිස් ගැටුම නිරාකරණ කිරීම සඳහා වසර-03 ක් සඳහා රු. මිලියන 4000 ක් ලබාදෙනවා.
මැණික් ස්වර්ණාභරණ පුහුණු මධ්‍යස්ථාන මගින් පුහුණු කිරීම් හා රැකියා අවස්ථා බිහි කිරීමට කටයුතු කරනවා.
විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටින්නන්ට සහන දායි ණය ලබාදෙනවා
රන් ආනයනයේදී බලපත්‍ර 50ක් නිකුත් කිරීමට කටයුතු කරනවා. වෙනත් කිසිම කෙනෙකුට රන් ආනයනය කළ නොහැකියි.
ධීවර හා කෘෂි කලාප බිහිකිරීමට රුපියල් මිලියන 2000ක් වෙන්කරනවා.
2018 රජයේ ආයතන සියල්ල ජාල ගත කිරීමට කටයුතු කරනවා.
ආයෝජනය දියුණු කිරීම සඳහා ආයතනයක් ස්ථාපිත කරනවා
විදේශිකයන්ට ඉඩම් කුලීබදු පදනම යටතේදී ලබාදීමේදී අයකරන බදු ඉවත්කරනවා.
නව අපනයන යාන්ත්‍රණයක් සකස් කිරීමට ආයොජන ප්‍රවර්ධන මණ්ඩලය කටයුතු කරනවා
ඉන්ධන වෙළදපොළ නිදහස් කරනවා
දේශිය හා විදේශීය ආයෝජකයන් ආරක්ෂා කිරීමට නිති ගෙනෙනවා.
අපනයන සංවර්ධන කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා
ආනයන හා අපනයන බැංකුවක් ස්ථාපිත කරන අතර ඒ සඳහා රුපියල් බිලියන 25ක අරමුදල් ලබාදෙනවා.
ඉඩම් සඳහා බැංකුවක් ස්ථාපිත කරනවා
උෟණ උපයෝජිත ඉඩම් නිවාස ඉදිකිරීමට යොදාගන්නවා
මුඩුක්කු ජනතාව ගැටලු විසඳීමට පෞද්ගලික අංශය එක්ව නිවාස 150000ක් තැනීමට කටයුතු කරනවා
නව ග්‍රාමීය නිවාස යොජනා ක්‍රම ඉදිකිරීමට යෝජනා කරනවා. ඒ සඳහා රු. මිලියන 4500 ක් ලබාදිමට යෝජනා කරනවා. එක් නිවසකට රුපියල් ලක්ෂ තුනක අදියර ගත ණයක් දෙනවා.
නිවාස දේපළ සීමා කිරීමේ නීති වර්තමානයට ගැලපෙන ලෙස වෙනස් කරනවා
ඉදිකිරීම් සඳහා පැමිණෙන විදේශ සමාගම් දේශීය ඉදිකිරීම් සමාගම් සමග කටයුතු කළ යුතුවෙනවා
ඉදිකිරීම් සඳහා යොදාගන්නා උපකරණ ආනයන බදු ඉවත් කරනවා.
ඉදිකිරීම් සඳහා යොදා ගන්නා වානේ ආනයනයේදී අයකරන බදු ඉවත්කරනවා
ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කරනවා
මේසන්, විදුලි හා ඇලුමිනියම්, වඩු වැඩ පුහුණුවන තරුණියන් 7000 කට ඒක අයෙකුට රු. 10,000 බැගින් ලබාදිම සඳහා මිලියන 500 ක් වෙන් කරනවා
පෞද්ගලික හෝටල් ඉදිකිරීමේදී බදු සහන ලබාදෙනවා
ගාලු කොටුව සංවර්ධනයට මිලියන 500ක් වෙන්කරනවා
බැංකුවලින් ණය ලබාදීමේදී 10%ක කෘෂි කර්මාන්තය සඳහා වෙන් කිරීමට යෝජනා කරනවා. එය මහ බැංකුව මගින් අධීක්ෂණය කරනවා.
දේශීය බැංකු සඳහා විදේශ වෙළදපලට ඇතුළත්වීම ශක්තිමත් කිරීමට කටයුුතු කරනවා
යතුරුපැදි හා ත්‍රිරෝද රථ තක්සේරු ගාස්තුව රුපියල් 2500ක් කිරීමට යෝජනා කරනවා. අනෙක් වාහන සදහා එම අගය රුපියල් 15000ක් වෙනවා
පාසලකට ඇතුළත් වෙන සිසුන් සඳහා රුපියල් 250ක අවම වටිනාකමකින් යුත් බැංකු ගිණුමක් විවෘත කිරීමට බැංකු ආයතනය එකග වෙලා තියෙනවා.
රජයේ හා පෞද්ගලික අංශ සේවකයන් සඳහා අර්ධකාලීන රැකියා ක්‍රමයක් ස්ථාපිත කරනවා.
කොටස් වෙළෙඳ පොළේ සිදුවිය හැකි දුර්වලතා මගහරවා ගැනීම සඳහා විනිමය පනත සංශෝධනනය කිරීමට කටයුතු කරනවා.
පෞද්ගලික අංශයේ සේවකයන් සතියකට දින 05 සේවා කාලයක් ස්ථිර කරනවා. ඒ හරහා ඔවුන්ට වැඩි විවේකකා ලයක් ලැබෙන අතරම ආයතන වල පරාපාලන වියදම් අඩුවෙනවා.
පෞද්ගලික අංශයේ වැටුප මාසිකව රු. 2500ක් වැඩි කිරීමට කටයුතු කරන අතර, පසුගිය අයවැයෙන් රු. 2500 ක් ලබා දුන් පෞද්ගලික අංශය සඳහා එය බලා නොපායි.
අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා සියලු ගුරුවරුන් සඳහා වසර 05ක පුහුණු කාලයක් ලබාදීමට කටයුතු කරනවා.දිවයිනේ සියලු පාසල්ව සනීපාරක්ෂක සේවා ලබාදීමට මිලියන 4000ක්, විදුලි පහසුකම් ලබාදීමට මිලියන 2000ක්, ප්‍රාථමික පාසල් 1000 ක් සඳහා රු. මිිලියන 1000 ක් ලබාදෙනවා. ද්වීතික පාසල් සංවර්ධනයට රුපියල් මිලියන 15000ක්, අවධානය යොමු නොවූ පාසල් සඳහා මිලියන 30000ක, වැවිලි ක්ෂේත්‍ර යේ පාසල් සඳහා මිලියන 250ක්,විද්‍යාගාර ලබාදීමට මිලියන 450ක්, දන්ත සෞඛ්‍ය නැංවිමට මිලියන 250ක්, වෙන්කරනවා.
පාසල් වල භාවිත කර නැති ඉඩම් පෞද්ගලික අංශය හා එක්ව වගා කිරීමට කටයුතු කරනවා. ආදායමෙන් කොටසක් පාසල් සඳහා ලබාදිය යුතු වෙනවා.අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික ආදායෙමන් 5.51% ක් ලබා දී තිබෙනවා. අධ්‍යාපනයට මිලියන 90000ක් වෙන්කර තිබෙනවා.
අයවැයෙන් උසස් අධ්‍යාපනය සඳහා කරන වියදමේ සියයට 30ක වැඩිවීමක් කර තිබෙනවා.2018 වනවිට සියලු සරසවි සිසුන් නේවාසිකාරගාර පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.
විදේශ සිසුන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔවුන්ට අවශ්‍ය මූලය පහසුකම් දෙනවා.
මාලඹේදී මහපොළ විශ්වවිද්‍යාලක් ආරම්භ කරනවා. එහිදී තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි, කලමණාකරණය ඇතුළු පාඨමාලා හැදෑරීමට අවස්ථාව දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 3000ක් වෙන්කරනවා.
විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් ලබා ගැනීමට අවුරුදු තුනක ණයක් දෙනවා. සියලුම විශ්වවිද්‍යාල වයිෆයි කලාප බවට පත්කිරිමට රුපියල් මිලියන 300ක් වෙන්කරනවා.
ශ්‍රී ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමටත් විදේශ සිසුන් මෙරටට ගෙන්වා ගැනි්ීම සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කරන අතර, රට තුළින් බුද්ධි ගලනය අවම කිරීමටද හැකි වනවා.
කෙසේ වෙතත් වෛද්‍ය ක්ෂේත්රයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත නොකරනවා.
වකුගඩු රෝග කළමනාකරණ අවශ්‍ය රෝහලක් මින්නේරිය ප්‍රදේශයේදී ඉදිකිරීමට මිලියන 2000 ක් ලබාදීමට කටයුතු කරනවා
වකුගඩු රෝගයෙන් පෙළෙන ප්‍රදේශ සඳහා රුධිර කාන්දු කරණ මධ්‍යස්ථාන 1000ක් ඉදිකිරීමට රුපියල් මිලියන 6500ක්, මින්නේරියේ වකුගඩු රෝහලක් ඉදිකිරීමට රුපියල් මිලියන 2000ක්, පිළිකා රෝහල් තුනක් ඉදිකිරීමට රුපියල් මිලියන 3000ක්, කුරුණෑගල හා යාපනය රෝහල් සංවර්ධනයට රුපියල් මිලියන 3000ක්, ජංගම ආරෝග්‍ය ශාලා සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කරනවා.
පොලිස් ස්ථාන සංඛ්‍යාව 428 සිට 600 දක්වා වර්ධනය කිරීමට රුපියල් මිලිය 1000ක් වෙන්කරවා.
දක්ෂිණ අධිවේගය හා කටුනායක අධිවේගී මාර්ගය කළමණාකරනයට විශේෂ ඒකකයක් පිහිටුවනවා. ඒ සඳහා ආයෝජනයට පෞද්ගලික අංශයට එක්වෙන ලෙස ආරාධනා කරනවා. නොරොච්චෝලේ බලාගාරය සුරැකුම්කිරීමට කාර්යය ඒකකයක් ස්ථාපිතකරනවා. ඒ හරහා අයිතියේ වෙනස් නොවෙනවා.
දිගන, බදුල්ල හා පුත්තමේ අභ්‍යන්තර ගුවන්තොටුපොළ තුනක් ඉදිකරනවා.
වසර දෙකක කාලයක් කාලයක් ඇතුළත පොලිස් නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා රුපියල් මිලියන 3000ක් වෙන්කරනවා.
රජයේ ආයතන හා පොලීසිය ජාලගත සන්නිවේදන ක්‍රමය උපයෝගී කරමින් සම්බන්ධ කිරීමට රු. මිලියන 250 ක් ලබාදීමට කටයුතු කරනවා.
ජාතික පොලිස් ඇකඩමිය මගින් රථවාහන පොලිස් නිලධාරින්ගේ තාක්ෂණික පුහුණුව වෙනුවෙන් රු. මිලියන 100 ක් ලබාදිමට කටයුතු කරනවා
විශ්‍රාමික සමාජික අරමුදල් විචක්ෂණ ක්‍රියාවලිය සිදුකිරීමට ආයතනයක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා
2016 ජනවාරි මස සිට අලුතින් සේවයට බැඳෙන රජයේ නිලධාරීන්ට විශ්‍රාම වැටුප් දායකත්වයක් ලබාදීමට කටයුතු කරනවා.
වෘත්තීය සමිති එකඟතාව මත සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා.
රජයට වාහන මිලදී ගැනීම මින් ඉදිරියට සිදු නොකරනවා. මෙහෙයුම් කල්බදු ක්‍රමයට වාහන රජයට ගන්නවා. තමන්ගේ වාහන රජයේ සේවය වෙනුවෙන් භාවිත කරන රාජය නිලධාරීන්ට මසකට රුපියල් 50000ක් දෙනවා.
විදේශ දූත මණ්ඩල සේවයේ යෙදී පිරිසට විධිමත් පුහුණුවක් ලබාදීමටත් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ සම්පූර්ණ වියදම් රජය විසින් දැරීමට කටයුතු කරනවා.
දේශීය ආයතන හා එක්ව බස්රථ නිශ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව අධ්‍යනය කිරීමට ලංකා ගමන ගමන මණ්ඩාලයට යෝජනා කරනවා.
කැලණිවැලි දුම්රිය මාර්ග නවීකරණයට රුපියල් මිලියන 450ක් වෙන්කරනවා. කැළණි පාලම හරහා කොළඹට ප්‍රවේශ වන මාර්ගය නවීකරණයට රුපියල් මිලියන 4000ක් වෙන්කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල, පොලොන්නරුව, මුලතිව් හරහ යාපනයට දීරඝ කරනවා. අධිවේගී මාර්ග දෙපස කර්මාන්ත ඉදිකරනවා.
විගමික සේවකයන්ගේ අවම වැටුප මසකට ඇමෙරිකානු ඩොලර් 300ක් කරන ලෙසට විදේශ රුකියා ඒජන්සියට යෝජනා කරනවා.
භාණ්ඩ 11ක මිල අඩුකිරීමට කටයුතු කරනවා. අර්තාපල් සඳහා විශේෂ වෙළදපොල බද්ධ කිලෝග්‍රෑමයට රුපියල් 25කින් අඩුකරනවා. ඒ අනුව රුපියල් 75-85ක් පමණ මිලදී ගත හැකියි.
ලොකු ලූණු සඳහා විශේෂ වෙළදපොල බද්ධ කිලෝග්‍රෑමයට රුපියල් 25කින් අඩුකරනවා. ඒ අනුව රුපියල් 85-95ක් පමණ මිලදී ගත හැකියි.
දේශීය කිරි ග්‍රෑම් 400 පැකට්ටුවක උපරිම මිල රුපියල් 295ක් කරනවා.
ටින් මාලු ග්‍රෑම් 425ක ටින් එකක මිල රුපියල් 125කින් අඩුකරනවා.
හාල් මැස්සෝ කිලෝවක උපරිම සිල්ලර මිල 410ක් කරනවා.
කට්ට කරවල කිලෝවක උපරිම සිල්ලර මිල 1100/- ක්ද, සාලයා කිලෝවක උපරිම සිල්ල මිල 425/- කට නියම කරනවා.
කඩල කිලෝවක උපරිම සිල්ලර මිල රු. 169/-ක් ලබාදීමට යෝජනා කරනවා.
භූමිතෙල් මිල රු. 10 කින්ද අඩු කිරනවා.ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රු. 150 කින් අඩුකරනවා
පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රු. 169/- කරනවා.
උපයන විට ගෙවන බදු නොගෙවන සීමාව රුපියල් මිලියන 2.4ක් කරන අතරම ඊට වැඩි ඉපයීම් සඳහා 15%ක එකම අගයක බදු අයකරනවා.
වැට් බදු නිදහස් සීමාව මිලියන 12ක් කරන අතර සිල්ලර හා තොග වෙලදාම බද්දෙන් නිදහස් කරනවා.
කැසිනෝ බද්ද ඉවත් කරනවා.
සූදු බද්ද වාර්ශිකව මිලියන 400ක් දක්වා වැඩිකරනවා.
පිටරටක සිට ලැබෙන ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකළ ඩොලර් ශත 9 ගාස්තුව ඩොලර් ශත 3 දක්වා අඩු කිරීමට කටයුතු කරනවා.
රුපියල් මිලියන 25ක වැඩි වාර්ශික ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ පහසුකම් දෙනවා. ගුවන්තොටුපොළේ VIP පහසුකම්, රජයේ ආයතනවලදී ප්‍රමුඛතාව, රජයේ උත්සව සඳහා ආරාධනය, ජනපති හා අගමැති අතර හමුවක් ලබාදෙනවා.
උලු කර්මාන්තය වසර තුනක් දක්වා ආදායම් බද්දෙන් නිදහස් කරනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd