අධ්‍යාපන, ජනමාධ්‍ය, සෞඛ්‍ය යන ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් කිහිපදෙනෙකු ළඟදීම වෙනස් කිරීමට යෝජනා වී ඇති බව 'අද' පුවත්පතට අනාවරණ වේ.
ආණ්ඩු පාර්ශ්වයේ ඉහළ බලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ, අකාර්යක්ෂමතාව, රජය අපහසුතාවට පත්වන ලෙස කටයුතු කිරීම සහ අමාත්‍යාංශය තුළ වැඩ කටයුතු කිරීමේදී කිසිදු ප්රගමනයක් දක්නට නොමැති වීම යනාදී දුර්වලතා හේතුවෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි.
එසේම ඇතැම් අමාත්‍යාංශ තුළ මේ වනතෙක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් හෝ පැවැත්වීමට කටයුතු කර නොමැති වීම හා රාජ්‍ය නාට්‍ය උලෙළ අසාර්ථක ආකාරයට පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබීම යනාදී කරුණු හේතුවෙන්ද එම අමාත්‍යාංශ ලේකම්වරුන් කෙරෙහි වූ රජයේ විශ්වාසය බිඳ වැටී ඇති බවද පැවසෙයි.
ඒ අනුව අධ්‍යාපන, සෞඛ්‍යසහ ජනමාධ්යඇතුළු අමාත්‍යාංශ ගණනාවක අමාත්‍යාංශ ලේකම්වරුන් ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ එවැනි දෙයක් පිළිබඳව තමා දැනුවත් නොමැති බවයි.