මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය හෙටින් (31දා) අවසන් වන බවත්, මේ වනවිට ලැබී ඇත්තේ අයදුම්පත් එක්ලක්ෂ විසිපන්දහසක් පමණක් බවත්, තවත් ලක්ෂ 04 ක් පමණ අයදුම්පත් ලැබීමට නියමිත බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජී.ඒ.ආර්. දේශප්‍රිය මහතා පැවසීය.
උපන් මාසය අනූව එක් එක් මාසවල අයදුම්පත්‍ර වෙන් වෙන්ව එවන ලෙසටත්, නිවැරදි ලෙස සම්පූර්ණ කළ අයදුම්පත්‍ර පාසලේ විදුහල්පතිවරයා මාර්ගයෙන් එවන ලෙසටත් දන්වා ඇති බවද දේශප්‍රිය මහතා පැවසීය.
ඔක්තෝබර් 31 වැනිදාට පෙර උපත ලබා ඇති, වයස අවුරුදු 16 සම්පූර්ණ සිසුන්ට ජාතික හැඳුනුම්පත විභාගයට අනිවාර්ය කර ඇති බවද, ඉන්පසුව උපත ලබා ඇති අයට තැපැල් හැඳුනුම්පත විභාගයට භාවිත කළ හැකි බවද පැවසූ ඔහු සඳහන් කළේ විද්‍යුත් හැඳුනුම්පත 2016 වසරේදී හඳුන්වාදීමට අපේක්ෂා කරන බවත්, ඒ සමග දැනට භාවිත කරන හැඳුනුම්පත් අවලංගු වන බවත්ය. එමෙන්ම එම හැඳුනුම්පත් වයස අවුරුදු 15 සිට ලබාගැනීමට හැකි බවද ඔහු පැවසීය.