පසුගිය මැතිවරණයේදී සිදුවූයේ හුවමාරුවක් නොව, ප්‍රතිපත්ති මාරුවක් බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි අමාත්‍යවරයා මේබව පැවසීය.
ඕනම කෙනෙක් සමඟ මට වැඩකරන්න පුළුවන්. මොකද මම දන්නවා මගේ ආයතන වල හොරකම් නවත්වන එක තමයි මගේ ප්‍රධානම අරමුණ. ඒ සඳහා නියෝජ්‍ය ඇමතිතුමාගේත් අනෙක් නිළධාරීන්ගේත් සහයෝගයත් අවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙන්නේ පහුගියකාලේ සිදුවූ විනාශය නැවත කරන්න නෙවෙයි. අපි පුටු මාරුවක් නෙවෙයි කරළා තියෙන්නේ. අපි පුටු මාරුවත් එක්කම ප්‍රතිපත්ති මාරුවක් කරලා තියෙනවා. ඒක අපි ඉදිරියට ගෙනයනවා යැයි පැවසීය.