අන්තවාදීන්ට තවදුරටත් ඉඩදුන්නහොත් මධ්‍යස්ත පුද්ගලයින්ට ජීවත් වීමට රටක් ඉතුරු නොවන බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේසන් මහතා පැවසීය. ‘‘අපිට නැවත මේ රට කලු ඉතිහාසය කරා ගමන් කරන්න ඉඩ දෙන් බැ. ඊයේ පෙරේදා යාපනයේ යම් සිදුවීමක් සිදුවුනා. උඩරට නැටුම නිසා තමයි එතන ඒ ප්රශ්නය ඇති වුනේ. මම දන්වානම් මේ උත්සවය සංවිධායකවරුන්ට කියනවා උඩරට නැටුම සමගම බරත නාට්‍ය නැටුමකුත් ලැස්ති කරලා ඒ අයව ලැජ්ජ කරන්න කියලා. මේ රට සැබෑම බහු ජාති, බහු ආගම්, බහු භාෂා ඇතුලත් බහුවාදී රටත්. ඒකෙන් වෙනස් වෙන්න බෑ කාටවත්. උතුරේ දමිල පමණක් කියලා හඩක් ඇති වුනා නම්, දකුණේ සිංහල පමණක් කියලා හඩක් නැවත ඇති වෙයි. දකුණේ සිංහල පමණක් කියලා අන්තාවාදීන් කතා කරන්න පටන් ගත්තා නම්, උතුරේ දමිල පමණක් කියලා ව්‍යාපාරයක් ඇති වෙයි. ඒ නිසා අන්තවාදීන්ට අපි ඉඩදීගෙන හිටියා නම් මධ්‍යස්ථ අපිට ජීවත් වන්න රටක් අපිට නැති වෙයි” යනුවෙන් අමාතවරයා කීය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දි සමාජ බලගැන්වීමේ පුරවැසි සංසදය විසින් සංවිධානය කර තිබු උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.