අන්තර් ජාතික ගණිත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් පිරිසක් එක්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වන සිසුන්ට ගුවන් ටිකට්පත් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. ලබන 14 වැනි දා සිට 20 දිනයන්හි තායිලන්තයේ, චිඅන්ග්මායි හිදී (Chiangmai, Thailand) අන්තර් ජාතික ගණිත තරගාවලිය පැවැත්වීමට නියමිතය. ඒ අනුව ජාතික මට්ටමින් මේ සඳහා සුදුසුකම් ලැබූ සිසු දරුවන් 16 දෙනෙකු සහ කණ්ඩායම් නායකයින් 4 දෙනෙක් සඳහා අදාළ ගුවන් ටිකට් පත් පිරිනැමීම සිදු විය.