දකුණු පළාත් සභා මැතිවරණයට මාතර දිස්ත්‍රික්යෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ අනර්කලී ආකර්ෂාට මනාප 8842 ක් ලැබී තිබේ. ඒ අනුව ඇයට සන්ධාන මනාප ලැයිස්තුවේ හිමිව ඇත්තේ 18 වැනි ස්ථානයයි. මෙම ප්‍රතිඵලය අනුව ඇයට පළාත් සභාවට ඇතුළත්වීමට අවස්ථාව අහිමිවී තිබේ. ඇය පසුගිය වර දකුණු නියෝජනය කළේය. මාතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයට ආසන 10 ක් හිමිවී තිබේ.
මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නදීශා හේමමාලිට මනාප 11006 ක් ලැබී තිබේ. ඒ අනුව එ.ජා.ප. මනාප ලැයිස්තුවේ හිමිව ඇත්තේ 09 වැනි ස්ථානයයි. ඇයටද පළාත් සභාව අහිමි වන ලකුණු පෙනෙන්නට තිබේ. මාතර දිස්ත්‍රික්කයෙන් එ.ජා.ප.යට ආසන 4 ක් හිමි වී තිබේ.