වැඩ වර්ජනයේ නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් මේ මස 17 වන දින හෝ ඊට පෙර සේවයට වාර්තා කළ යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේ නොවුනහොත් පරිවාස,අනියම් තාවකාලික ආදේශ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සියලුම දෙනා සේවය අතහැර ගියා සේ සැලකීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කළේය.
මීට අමතරව ස්ථිර සේවකයන් මෙම නීතිය උල්ලංඝනය කළහොත් වැඩවර්ජනයේ නිරත කාලය වැටුප් රහිත කාලයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ.
අදාළ ගැටලු විසඳීමට විෂයභාර අමාත්‍ය කබීර් හෂීම් මහතා කටයුතු කර තිබෙන බවත්, එම විසඳුම්වලට වෘත්තිය සමිති එක්වී තිබෙන බවද එම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.