රාජ්‍ය සේවකයන් සඳහා වැඩි කළ රුපියල් 2500 මාසික වැටුප් මුදල විශ්වවිද්‍යාලවල සේවය කරන්නන්ටත් ලබාදීමට කඩිනමින් චක්‍ර‘ලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල විශ්‍රාම ගන්නා වයස අවුරුදු 57 සිට 60 දක්වා ඉහළ දැමීමට හා විශේෂ දීමනාවක් ලෙස ලබාදෙන 20% දීමනාවක් සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වයට එක්කර ගැනීමටත් සැලසුම් කර තිබෙන බවද එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී.ජී.ජයසිංහ මහතා සඳහන් කළේය.
විශ්වවිද්‍යාලවල සේවය කර දේශපාලන පළිගැනීම්වලින් අසාධාරණයට ලක්වූ කාර්ය මණ්ඩල නිලධාරීන් වෙනුවෙන් සහන සැලසීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බවත් සහන ලබාදීමට අදාළ තීරණ ඉදිරි දෙසතිය තුළ සිදුකිරීමට නියමිත බවද පවසා සිටියේය.