අධ්‍යාපනයට ලබන වසරට රුපියල් බිලියන 241 ක් වෙන්කළ බවට මුදල් ඇමතිවරයා යටිගිරියෙන් කෑ මොර දුන්නද, සැබෑ ලෙසම වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 130 ක් බවට මේ වනවිට හෙළි වී ඇතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
එය මේ වසරට වෙන්කළ මුදල හා සංසන්දනය කිරීමේදී රුපියල් බිලියන 58 ක කප්පාදුවක් බවත්, මේ වසරට අධ්‍යාපනයට රුපියල් බිලියන 188 ක් වෙන්කර තිබෙන බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.