අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ඔවුන්ට සිදුවූයේ කුමක් දැයි සොයා බැලිය යුතු බැවින් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ සඳහා අවශ්‍ය සියලු බලතල ලබාදීමට කටයුතු කරන අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම විස්තර ප්‍රකාශයට පත්කරන බවද අමාත්‍යවරයා පැවසූවේ ඊයේ (21දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමට එක්වෙමිනි.
&අතුරුදන් වූවන්ට මරණ සහතිකය දිය යුතුයි නැත්නම් ඔවුන්ට මොකද වුණෙ කියලා හොයන්න අවශ්‍යයි. මොවුන්ට මොකද වුණේ කියලා අපි පුළුවන් තරම් හොයනවා. නොහැකි වූ අයට මරණ සහතිකය දෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත වුවාට පසුවයි මෙය ක්‍රියාත්මක වෙන්නේ.* යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.