ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගය මගින් අණ්ඩුවට ඉතා බරපතල සංඥාවක් ලැබී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම විමල් වීරවංශ මහතා පැවසීය. අද(12) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒමහතා මේබව පැවසීය.
කවර මර්දනයක් ගෙන ආවද තම කණ්ඩායම යටත් නොවන බවද හෙතෙම කීවේය. ව්‍යාපාරිකයන් පිරිසකට අයුතු ලාබයක් ලබා ගැනීමට රජය ඉඩ හදලා දීලා තිබෙන බවත් ව්‍යාපාරිකයන් රැස්කර ගත් බදු ආදායම් තවම දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා නොමැති බවත් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා සඳහන් කළේය.