ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ නව පුස්තකාල ගොඩනැගිල්ල සහ වාණිජ හා කළමනාකරණ පීඨය අද (20දා) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබීය.
මෙහිදී ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා පිළිගැනීමට සිටි සිංහල, දෙමළ, මුස්ලිම් විශ්වවිද්‍යාල දරුවන් සමග සහ ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සමගද ජායාරූපයකට පෙනී සිටියේය.
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක, අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්, පළාත් පාලන අමාත්‍ය එම්.එල්.එම්. අතාවුල්ලා, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.