අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීමක් කිරීමට ජනාධිපතිවරයාට හෝ ඔහුගේ කණ්ඩායමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කළේය.
ජනවාරි 08 වැනිදා ඇති වූ වෙනසට මුල් වුයේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පක්ෂ හා සංවිධාන බවත්, ජනවරම ලබාදුන්නේ යහපාලනයෙන් රට ඉදිරියට ගෙනයාමට බවත් අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
පුරවැසි සංවිධාන එකමුතුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී වික්‍රමබාහු කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජනතාව ලබා දී ඇති ජනවරමට අනුව අගමැතිවරයාට ඉල්ලා අස්වීමටද නොහැකි බවයි.
සිදුවිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා ලබාදී තිබෙන ලණුව නොකා දෙදෙනා සමග එක්ව රට දියුණු කිරීම බවද හෙතෙම සඳහන් කළේය.