අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාතෙදින නිල සංචාරයක් සඳහාඅනිද්දා (17දා)සිංගප්පූරුව බලා පිටත්වීමට නියමිතය.මෙම සංචාරයේ දෙවැනි දිනය වන 18 වැනිදා පෙරවරුවේඔහුසිංගප්පූරුවේ රැෆල්ස් සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන තෙවැනි දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවටද එක්වීමට නියමිතය.
සමුළුවේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවන අග්‍රාමාත්‍යවරයා එහිදී සමුළුව අමතා ප්‍රධාන දේශනය සිදුකිරීමටද නියමිත තිබේ.ඉන් අනතුරුව ඒ මහතා සිංගප්පූරු ජනපති ටෝනි ටෑන් මහතා හා අගමැති ලී ෂියැන් ලූං මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිත අතර, අදාළ සිංගප්පූරු සංචාරයේදී දෙරටට වැදගත් ගිවිසුම් කිහිපයක්ද අත්සන් කෙරෙනු ඇත.
අග්‍රාමාත්‍ය බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී මිත්‍රපාල යන මහත්ම මහත්මීහුද මෙම සංචාරයට එක්වෙති.