වෙළෙඳ හා ආයෝජන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ඉදිරියේදී චීනය බලා පිටත්ව යෑමට බලාපොරොත්තු වන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිම්නේතුවේදී ප්රකාශ කළේය.
තම සිංගප්පූරු නිල සංචාරය පිළිබඳ විශේෂ ප්රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදුකරමින් අග්රාමාත්යවරයා අවධාරණය කර සිටියේ ජාතික ආණ්ඩු සංකල්පය තුළින් ඉදිරි වසර 5ක කාලය තුළදී රටේ ප්රශ්නවලට විසඳුම් ලබාදෙන බවයි.
ඒ අනුව ඉදිරි කාලය තුළ එම ක්රමවේදය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවත්, ජාතික ආණ්ඩුව පිළිබඳ කිසිදු සැකයක් තබාගත නොවනු ඇති බවත් අග්රාමාත්යවරයා පැවසීය.