පාතාල කල්ලි නායකයෙක් වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් බවට සැකකෙරෙන ඇලවලගේ සරත් කුමාර (චීටී) පුද්ගලයා අත්අඩගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත.
සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදි ජීව අත්බෝම්බයක්ද තිබී ඇතැයි පොලීසිය පවසයි.
සැකකරු මීට ඉහතදී අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට පත්ව ඇති බවත් ඔහු රැකියාව ලෙස පස් කැපීම සිදුකරන බවත් පොලීසිය පවසයි.
වැඩිදුර පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට බාරදෙ බව පොලීසිය පවසයි.