චීනයේ පැවැත්වෙන ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවට (Conference on Interaction and Confidence Building Measures in Asia - CICA) සහභාගී වීම සඳහා චීනය බලා ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20දා) උදෑසන ෂැංහයි නුවරට පැමිණියේය.
ෂැංහයි මහ නගරසභාවේ නියෝජ්‍ය මහලේකම් හුඇන්ග් රොන්ග්, විදේශීය රටවල් සමග මිත්‍රත්වය සඳහා වූ ෂැංහයි මහජන මණ්ඩලයේ විධායක උප සභාපති වැන්ග් ෂියාඕෂූ සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ යන මහත්වරුන් විසින් ෂැංහයි පුඩොන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනාධිපතිවරයාව පිළිගන්නා ලදී.
ඒ අනුව, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (21දා) ආරම්භ වන ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුව (Conference on Interaction and Confidence Building Measures in Asia - CICA) ඇමතීමට නියමිතය. එමෙන්ම මෙවර සමුළුවට සහභාගි වන රටරටවල රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ජනාධිපතිවරා ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
මෙවර සමුළුවේ තේමාව වනුයේ “විශ්වාසය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම හා සාමකාමී හා ස්ථාවර නව ආසියාවක් ගොඩනැගීම” යන්නයි.