අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරීවරයාට පරුෂ වචනයෙන්බැණ වැදුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු එළඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය වැඩබලනමහේස්ත්රාත් ඉසෙඩ් පී.එම්.ලියාකාත් මහතා පෙරේදා (20දා) නියෝගකළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කරන්දෙණියපොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් සේවය කරන තැනැත්තෙකි. වාර්තා වන පරිදි අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාපෙරේදා (20දා) දහවල් රාජකාරි කටයුත්තක් සඳහා සිවිල්ඇඳුමින් සැරසී කොළඹ බලා යමින් සිට ඇත. එහිදී බළපිටියේ සිටඅහුන්ගල්ල දෙසට අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ ත්රිරෝද රථයක්දැක එය නවතා එහි රියදුරුට අවවාද කිරීමට උත්සාහ කිරීමේදීත්රීරෝද රථ රියදුරා ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී ඇත.
පසුව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරීවරයා මේ සම්බන්ධවදුරකථනයෙන් අහුන්ගල්ල පොලීසිය දැනුවත් කර ඇති අතර වහාමක්රියාත්මක වූ අහුන්ගල්ල පොලීසිය සැකකරු බළපිටිය වැල්ලබඩදීඅත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අහුන්ගල්ල පොලීසියේදීදතමන්ට අවවාද කළ අයට බැණ වැදී ඇතැයි අහුන්ගල්ලපොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
සමන් සිගේරා මහතාතමන් සහකාර පොලිස් අධිකාරීවරයා බවප්රකාශ නොකර ත්රිරෝද රථ රියදුරාට අවවාද කිරීමට උත්සාහ දරාඇති බවත්, තමා පොලිස් කොස්තාපල්වරයෙකු නිසාවෙන් සිවිල්පුද්ගලයෙකු තමාට අවවාද කිරීම ගැන උරණ වී පොලිස්කොස්තාපල්වරයා මෙසේ බැණ වැදී ඇති බවත් මෙතෙක් කරන ලදපොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. අම්බලන්ගොඩ සහකාරපොලිස් අධිකාරීවරයා මේ පිළිබඳව අහුන්ගල්ල පොලීසියට දන්වනවිටත් තමන්ට බැණ වැදුණේ පොලිස් කොස්තාපල්වරයෙකු බව දැනසිට නැතැයිද සඳහන් වේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේ අධික ලෙසබීමත්ව සිට ඇති බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.සාපරාධී බියගැන්වීම, බීමත්ව රිය පැදවීම සහ මහජනතාවට අවහිරවන ආකාරයෙන් ත්රිරෝද රථයක් ධාවනය කිරීම යන චෝදනා යටතේසැකකරුට එරෙහිව නඩු පවරන බව අහුන්ගල්ල පොලීසිය කියයි.
කමිඳු මධුසර ලියනගේ - අහුන්ගල්ල