නව කොරෝනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් සිංගප්පූරුවේ සිට බ්‍රහස්පතින්දා මධ්‍යම චීනයේ වූහාන් වෙත පියාසර කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් අනාවරණය කළේය.
කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරය ආශ්‍රිතව මූලිකව පැතිරුණු බවට පවතින අදහස අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් මෙම පර්යේෂණ සඳහා අවසර ඉල්ලා සිටි අතර, චීනය ඔවුන් සාදරයෙන් පිළිගන්නා බව දන්වා තිබුණි.
ඒ අනුව කොරෝනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම පිළිබඳව චීන විද්‍යාඥයන් සමග ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් ජනවාරි 14දා චීනයට පැමිණෙන බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමද සඳුදා නිවේදනය කළේය.
කොවිඩ්-19 වෛරසයේ සම්භවය සහ මාර්ගය පිළිබඳව ගෝලීය විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීමට චීනය ජාත්‍යන්තර විද්‍යාඥයන්ට සහාය දෙන බවද පැවසූ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ වැඩිදුරටත් කියා සිටියේය.