ළමුන් සඳහා මුඛ ආවරණ භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය විසින් ඉතා කඩිනමින් මඟපෙන්වීමක් ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මරියා වැන් කෙර්කොව් පවසයි.
වැන් කර්කොව් පැවසුවේ වයස් සීමාව අනුව මඟ පෙන්වීම වෙනස් වන අතර, ඒ අනුව මේ සම්බන්ධයෙන් තීරණ ගන්නා අයට සහ උගතුන්ට මෙම මඟපෙන්වීම ඔස්සේ මුඛ ආවරණ භාවිත කළ හැක්කේ කවදාද සහ කොතැනද යන්න දැනගත හැකි බව කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් පැවසුවේ පාසල් සන්දර්භය තුළ මුඛ ආවරණය යනු විශිෂ්ට මෙවලමක් බවයි. නමුත් එය වෙනත් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ඉවත දමා කළ යුතු දෙයක් නොවන බවට ඔහු අවධාරණය කරයි.
වෛද්‍ය රයන් පැවසුවේ ළමයින් නැවත පාසලට ඇතුළත් කිරීම සංකීර්ණ සමීකරණයක් ලෙස ගතහොත්, මුඛ ආවරණ පැලඳීම එහි එක් කොටසක් පමණක් බවය.
"මුඛ ආවරණ පැලඳීම සමාජ දුරස්ථභාවයට විකල්පයක් නොවෙයි. එය අත් සේදීම සඳහා විකල්පයක් නොවෙයි. එය පන්තියක සිසුන් ප්‍රමාණය අඩු වැඩි කිරීමට විකල්පයක් නොවෙයි. එය අනෙක් සියලුම ක්‍රියාමාර්ගයන්ට විකල්පයක් නොවෙයි." ඔහු පැවසීය.
"ඇත්ත වශයෙන්ම මිනිසුන් භෞතික දුරස්ථභාවය අමතක කර, අත් සේදීම අත්හැර දැමුවහොත්, මුඛ ආවරණයක් පැලඳීමෙන් ලැබෙන ප්රතිලාභ අඩු වනු ඇති" රයන් තවදුරටත් පැවසීය.
වැන් කෙර්කොව් පැවසුවේ අදාළ මඟපෙන්වීම ඉදිරි දිනවලදී කඩිනමින් නිකුත් කළ යුතුව ඇති බවය. කෙසේ වෙතත් දැනට කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා වයස අවුරුදු 12ට වැඩි ළමයින්, වැඩිහිටියන් මෙන් මුඛ පැළඳිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබේ.