ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විද්‍යාඥයන් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මධ්‍යම චීනයේ වූහාන් නගරයේ දින 14ක නිරෝධායනය අවසන් කිරීමෙන් පසු සිකුරාදා ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබේ.
ඔවුන්ගේ පළමු වැනි ස්ථානීය සංචාරයේදී, කණ්ඩායම එරට ආසාදන පැතිර ගිය මුල් දිනවල රෝගීන්ට ප්‍රතිකාර කළ පළමු රෝහල්වලින් එකක් වන හුබෙයි පළාත් රෝහල වෙත පැමිණියේය.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන්ට ඔවුන්ගේ චීන සගයන් සමග පළමු වරට මුහුණට මුහුණ හමුවීමට අවස්ථාව ලැබී ඇති අතර, රටේ ජාතික සෞඛ්‍ය කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ලියාං වන්නියන්ගේ නායකත්වයෙන් මෙම හමුව පැවැත්වී තිබේ.
කණ්ඩායම පැවසුවේ, බ්‍රහස්පතින්දා, වුහාන් හි මුල්ම ආසාදන සිද්ධීන් සොයාගත් හුවානාන් මත්ස්‍ය වෙළෙඳ පොළ ඇතුළු වෙළෙඳ පොළවල් සහ රෝහල් වෙත සංචාරය කිරීමට කටයුතු කරන බවයි.
වූහාන් වෛරස් විද්‍යා ආයතනය සහ රෝග නිවාරණය හා පාලනය සඳහා වන වූහාන් මධ්‍යස්ථානය වැනි පර්යේෂණ ආයතන නැරඹීමට ද ඔවුන් අදහස් කරයි.
චීනය මෙම විද්‍යාත්මක පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කරන බවත්, දෙපාර්ශවයම එක්ව වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමට කටයුතු කරන බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් සිකුරාදා බීජිං නුවර පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
"මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීන විශේෂඥයන් අතර වෛරස් ලුහුබැඳීමේ හුවමාරුවක් සහ සහයෝගීතාවයේ ස්වරූපයක් බව අවධාරණය කිරීමට මම කැමතියි. එය ගෝලීය පර්යේෂණ ප්රයත්නයක කොටසක් මිස පරීක්ෂණයක් නොවෙයි" ෂාඕ පැවසීය.
කොරෝනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේදී චීනය විවෘත, විනිවිදභාවයෙන් හා වගකිවයුතු ආකල්පයක් අනුගමනය කර ඇති බවත්, අනාගත අවදානම් වළක්වා ගැනීමට සහ ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවත් චීනය පවසයි.