එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සඳහා චීන රජයේ පරිත්‍යාගයක් ලෙස චීනයේ නිෂ්පාදිත සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත් තොගයක් අද (20දා) ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර වෙත පැමිණියේය.
මෙම පරිත්‍යාගය බෙදාදීමේ උත්සවය පසුගිය සිකුරාදා පැවැත්වූ අතර, හැකි ඉක්මනින් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඉදිරි පෙළ පුද්ගලයන්ට සහ සමීප හවුල්කරුවන්ට එන්නත් ලබාදීමට අපේක්ෂා කෙරේ.
චීන පරිත්‍යාගය ප්‍රමුඛතා වශයෙන් අප්‍රිකානු දූත මෙහෙවර ප්‍රදේශයේ භාවිත කරන බව චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය ප්‍රධානී ෂැං මයෝයු පැවසීය.
චීනයේ පරිත්‍යාගය මගින් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ එක්සත් ජාතීන්ගේ හැකියාව වැඩි කරන අතර, සාම සාධක භටයින්ට තම යුතුකම් හා මෙහෙවර වඩාත් හොඳින් ඉටු කිරීමට හැකි වනු ඇතැයි සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් ක්‍රිස්ටියන් ෆ්‍රැන්සිස් සෝන්ඩර්ස් පවසයි.