නාගරික සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලබන මහජන ජංගම සේවාව අද (18දා) දින පෙ.ව.10.00 ට කොළඹ 07, නිදහස් ආකේඩ් පරිශ්‍රයේදී මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
මෙම ජංගම සේවය අද දින සවස 6.00 දක්වා පැවැත්වීමට සංවිධානය කර ඇති අතර ගොඩනැගිලි ඉදිකිරීම්, ඉඩම් අනු කොටස්වලට බෙදීම් හා සම්බන්ධ අනුමැතිය ලබාදීම, මූලික සැලසුම් නිරාකරණ සහතික සහ අනුකූලතා සහතික නිකුත් කිරීම, ඉඩම් සංවර්ධනය ඇතුළු සංවර්ධන බලපත්‍රවලට අදාල ගැටලු රැසකට සාකච්ඡා කොට විසදුම් ලබාදීම ප්‍රධාන අරමුණ බව කියයි.