අන්තවාදී මත අන්තර්ජාලය ඔස්සේ පැතිරවීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මාවැල්ල හා ගම්පොල පදිංචි සැකකරුවන්ගේ ලැප්ටොප් පරිගණක තුළ අන්තවාදී අදහස් ඇතුළත් වීඩියෝ පට, ඡායාරූප ඇති බවට තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
එම ලැප්ටොප් පරිගණක විශේෂඥයින් ලවා පරීක්ෂා කරගෙන ඇති අතර එයට අදාළ වාර්තා ත්‍රස්ත විමර්ශන ඒකකයට ලැබී තිබේ.
මෙම සැකකරුවන් දෙදෙදනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණ අතර පසුගිය මාර්තු මාසයේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ රැඳවාගෙන සිටියි.
මොවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික පවුල්වල සාමාජිකයන්ට අන්තවාදී මතවාද පැතිරවීමට කටයුතු කර ඇති බවටද තහවුරු වී තිබේ.