එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට කටුනායක ගුවන් තොටුපළේ දී අද (14 ) සිට රැපිඩ් PCR පරීක්ෂාව සිදු කර ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසා සිටියි.
අදාළ ගුවන් මගීන් ගුවන්ගත වීමට අවම වශයෙන් පැය 4 කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණිය යුතු වෙයි.
මේ අතර රැපිඩ් PCR පරීක්ෂණයට භාජනය වීමට අවශ්‍ය ගුවන් මගීන් සිය විදේශ ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ගුවන් ටිකට් පත අනිවාර්යයෙන් රැගෙන ආ යුතු වේ.
පරීක්ෂණය සඳහා එක් පුද්ගලයෙකුගෙන් අය කරන මුදල රු. 7,500ක් වන අතර සේවාව ලබා ගැනීමට ප්‍රථම එම මුදල ණයවර කාඩ්පත් මගින් හෝ බැංකු හුවමාරුවකින් හෝ මුදල් වශයෙන් හෝ ගුවන්තොටුපොළ සාම්පල එකතු කිරීමේ ස්ථානයේදී ගෙවීමට අවස්ථාව තිබේ.
රැපිඩ් PCR පරීක්ෂණය සිදු කිරීමෙන් පසු ගුවන් මගීන් ඔවුන්ට වෙන් වූ පරිශ්‍රය තුළ රැඳී සිටිය යුතු අතර අදාළ පුද්ගලයාගේ පරීක්ෂණ වාර්තාව සකස් වූ පසු කෙටි පණිවුඩයක් මගින් ජංගම දුරකතනය වෙත දැනුම් දෙනු ඇත.
පරීක්ෂණයේදී කිසියම් මගියෙකුට කොවිඩ් – 19 වැළඳී ඇති බවට හඳුනාගත හොත් එවැනි මගීන් සාමාන්‍ය ජනතාවගෙන් හා පරීක්ෂණ ප්‍රදේශයෙන් හුදකලා කර ඉදිරි කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊට අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගනු ඇත.