මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට තමා ඉදිරිපත් කළ කරුණු 11න් අවම වශයෙන් 25%ක් නව රජයේ සීමිත කාලය තුළදී ඉටු නොකළහොත් ඉන් ඉදිරියට විරෝධය පළ කරන බව නැගෙනහිර ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එඒ. විජයාලේන්ද්රන් මහතා අද (06දා) පැවසීය.
අගමැති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කර තිබෙන බවත්, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇතිවී තිබෙන සාකච්ඡාව නව රජයට ගැටලුවක් නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.