විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් අතර, එයට සමගාමීව සංවිධානාත්මක අපරාධ කරුවන් මර්ධනය කිරීම සඳහා විෂේශ මෙහෙයුමක් 2024.03.19 දින සිට පොලීසිය විසින් ක්‍රියාත්මක කොට ඇත. මෙය විෂේශයෙන්ම බස්නාහිර පලාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මකය. මෙහිදී ගිනි අවි සහ සංවිධානාත්මක අපරාධ කරුවන් සම්බන්ධයෙන් ලබාදෙන තොරතුරු සඳහා වටිනා මුදල් ත්‍යාග ලබාදීමට පොලිස්පතිතුමා විසින් තීරණය කොට ඇත.
කොරතුරු ලබාදෙන්නන් හට තොරතුරු ලබාදීම සඳහා විශේෂ දුරකථන අංක 46ක් ප්රකාෂයට පත් කර ඇත. එයට අමතරව රහස්්‍යභාවය රැකෙන පරිදි වෙනත් ඔනෑම ආකාරයකට පොලීසියට තොරතුරු ලබා දීමේ හැකියාවක්ද ඇත.
ඉහත දක්වා ඇති වගුවේ පරිදි පුද්ගලික ඔත්තුකරුවන්ට මුදල් ත්‍යග ලබා දෙන බව ශ්‍රී ලංකා පොලීසිය විසින් දැනුම් දී ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය