යාපනයේ නෙල්ලිඅඩි පොලිස් බලප්රදේශයේ වඩමාරච්චි මුල්ලි ප්රදේශයේදී අද (16) උදෑසන වැලිජාවාරම් කරුවන් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන්ට පහර දී අණ නොතකා පලා යාමට ගත් උත්සහයකදී සිදුකල වෙඩි තැබීමකින් දෙදෙනෙකු තුවාල ලබා රෝහලගත කොට ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.
යාපනය පොලිස් විශේෂ කාර්යබලකා නිලධාරීන් විසින් ප්රදේශ කිහිපයක විශේෂ සෝදිසි වැටලීම් කිහිපයක් අද උදෑසන සිට සිදුකොට ඇති අතර එහිදී වඩමාරච්චි මුල්ලි ප්රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන් පිරිසක් විසින් යොදා තිබූ මාර්ග බාධකයකදී මෙම සිදුවීම සිදුව ඇත.
වැලි ජාවාරම් කරුවන් ගමන් කරන බවට සැක සහිත මාර්ගයක මාර්ග බාධක යොදා තිබියදී කැබ් රථයකින් පැමිණි වැලි ජාවාරම් කරුවන් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අණ නොතකා පලා යාමට උත්සහ ගෙන ඇත එහිදී පොලිස් විශේකාර්ය බලකා සෙබලුන් විසින් කැබ්රථය නැවත්වීමට ගත් උත්සහයකදී එහි සිටි සැකකරුවෙකු විසින් පොලිස් නිලධාරියෙකුට සවලකින්ද පහරදී පලා යාමට උත්සහ දරා ඇත.
පසුව පොලිස් විශේෂ කාර් බලකා නිලධාරීන් විසින් අවමබලය යොදා සැකකරුවන්ගේ කැබ් රථයට වෙඩිතැබීමක් සිදු කොට ඇති අතර එහිදී වෙඩි පහර වැදීමෙන් සැකකරුවන් දෙදෙනෙකු තුවාල ලබා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කොට ඇති බවටද පොලීසිය පවසයි.
අදාල සිදුවීම සිදුවූ ස්ථානයේ මේ වන විට ආරක්ෂාව සපයා ඇති අතරම සිද්ධිය සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සෙබලුන් විසින් වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.