පොලිස් විශේෂ කාර්ය බළකායේ 12 වැනි අණදෙන නිලධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අද (10දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
ඔහු 2019/04/06 දා දිට පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ අතර 2019/11/30 දින නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්විය.
1985/01/20 දින උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේවයට එක්වූ ඔහු 1986/03/20 දින පොලිස් විශේෂ කාර්ය බළකායට එක්ව තිබේ.
වසර 9ක පමණ කාලයක් විශේෂ කාර්ය බළකායේ සෙවය කළ ඔහු 1995/01/21 දින පොලිස් සේවයට එක්ව තිබේ. ඔහු නැවතත් 2019/04/06 දා පොලිස් විශේෂ කාර්ය බළකායට එක්විය.