ලංකා ගමනාගමන මණ්ඩලය හා ඒ යටතේ ඇති බස් ඩිපෝවල පසුගිය කාලය තුළ වාර්තා වූ විවිධ විෂමාචාරයන් මෙන්ම එම මණ්ඩලයේ හා ඒ යටතේ ඇති ඩිපෝවල කටයුතු පිළිබඳව මහජනතාවගෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධව පුළුල් විමර්ශනයක් කිරීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් ඊයේ (22දා) පත්කර තිබේ.
මගී ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම කමිටුව පත්කර තිබේ. මෙම කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත භාර දෙන ලෙස අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතාට නියෝග කර තිබේ.
අමාත්‍යාංශ අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් නයෝමි ජයවර්ධන, නීති නිලධාරීනී ප්‍රියන්ති ගුනසේකර, අභයන්තර විගණන නිලධාරී එච්. කෝලිත යන අය පත්කර තිබේ.