ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මුද්‍රා තැබූ බවට පළවන වාර්තා අසත්‍ය බව නිදහස් පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
'අද'ට ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ පක්ෂ මූලස්ථානයේ සේවය කරන සේවකයන්ට වාර්ෂික නිවාඩු ලබා දී ඇති බවත් යළිත් ජනවාරි 01 දා සිට සුබ මොහොතින් කටයුතු ආරම්භ කරන බවත් ඔහු පැවැසීය.
වර්ෂාවසානය නිසා බොහෝ මන්ත්‍රීවරුන් කොළඹින් බැහැරව සිටින බවත් මේ නිසා මූලස්ථානයේ විශේෂ රාජකාරී සිදුනොවන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.