අපේක්ෂක ලැයිස්තුව පිළිබඳ ඇතිව තිබෙන ගැටලු හේතුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය අද (17දා) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.
දැනටමත් දිස්ත්රික්ක හතරකට අත ලකුණ යටතේ තරග කිරීමට තීරණයක් ගෙන තිබෙන අතර බොහෝදුරට මැතිවරණ දිස්ත්රික්ක 22කටම තනිවම තරග කිරීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂය තනිවම සියලුම දිස්ත්රික්වලට තරග කිරිමට තීරණය කළහොත් ශ්රි ලංකා පොදජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවක් යම් අර්බුදයකට ලක්වන බවද ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන් පෙන්වා දෙයි.