නුවරඑළිය ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස රොෂාන් ගුණවර්ධන මහතා පත් කර තිබේ.එමෙන්ම ඔහු නුවරඑළිය ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා වශයෙන් ද පත් කර ඇත. රොෂාන් ගුණවර්ධන මහතා අද (04දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.