කොවිඩ් ආසාදනය වූ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සුව වී පැමිණෙන තෙක් පක්ෂයේ වැඩ කටයුතු සිදු කිරීමට පක්ෂයේ සාමාජිකයන් තිදෙනෙකුට පවරා තිබේ.
ඒ අනුව සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහලේකම් පාරලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක යන මහත්වරුන්ට මෙලෙස පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සිදු කරන ලෙස දැනුම් දී ඇත.
රෝහල් ගතව සිටින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23දා) දුරකතනයෙන් සම්බන්ධ වෙමින් මෙම දැනුම්දීම කළ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ‘අද’ කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේය.