පසුගිය වසරේ (2018) දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ජාතික ගමනාගමන කොමිසම ගත් තීරණය, අත් හිටුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය දැඩි විරෝධය එල්ල කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විශේෂයෙන් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුළ පවතින ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව ඇති හෙයින් එය නවතා දැමීමට රජය විසින් වහාම කටයුතු කළ යුතු බවද ඔවුහු පවසති.