වොෂිංටන් (ෂින්හුවා) - COVID-19 රෝගයට හේතුවන හේතු වන SARS-CoV-2 වෛරසය කෘතිමව නිපදවීමක් හෝ හිතාමතා හැසිරවිය නොහැකි බව එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග විශේෂඥ ඇන්තනි ෆවුසි සඳහන් කරයි.
ජාතික අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ (NIAID) අධ්‍යක්ෂක ෆවුසි නැෂනල් ජියොග්රැෆික් හා සම්මුඛ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.
මෙම වෛරසය චීනයේ විද්‍යාගාරයකින් නිපදවා හෝ අහම්බෙන් මුදා හැර ඇති බවට ඇති සාක්ෂි පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ෆවුසි මේ බව පැවැසුවේය.
එසේම මෙම වෛරයසය වවුලන්ට සම්බන්ධ බවට මේ වන විට පරීක්ෂණ හරහා තහවුරු වෙමින් පවතින බවත් ඔහු පැවැසීය.
වෛරසය කෘතිමව හෝ හිතාමතාම හැසිරවිය නොහැකි බවත් ඔහු සඳහන් කරයි.
"ඉතා සුදුසුකම් ලත් පරිණාමීය ජීව විද්‍යාඥයින් ගණනාවක් පවසා ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් පියවරෙන් පියවර පරිණාමය පිළිබඳ සෑම දෙයක්ම තදින්ම පෙන්නුම් කරන්නේ එය සොබාදහමේ පරිණාමය වී පසුව ජීවීන්ට වැළඳී ඇති බවයි”