මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරිපාලන කටයුතු ප්‍රජාවෛද්‍ය විශේෂඥවරයෙකු යටතට පත්කිරීමට ගෙන තිබෙන තීරණය අවලංගු කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එම තීරණය අවලංගු කරන ලෙසට ඉල්ලා ඊයේ (21දා) දින සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට මහජනමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කටයුතු කළේය.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම තීරණය අවලංගු කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලබාදුන් පොරොන්දුව අනුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බවයි.