මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරිපාලන කටයුතු ප්‍රජාවෛද්‍ය විශේෂඥවරයෙකු යටතට පත්කිරීමට ගෙන තිබෙන සැලසුම් අවලංගු කරන ලෙසට ඉල්ලා අද (21දා) දින සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඉහළම තනතුර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර බවත්, එම තනතුරට ඉහළ මෙම තනතුර ඇති කර තිබෙන බවද එම සංගමයේ ලේකම් බී.එම්.එම්. බාලසූරිය මහතා සඳහන් කළේය.
වසර 125කට වඩා අධික කාලයක් ස්වාධීනව ක්‍රියාත්මක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවා මෙම ක්‍රියාව නිසා දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්වන බවද පවසා සිටියේය.
ස්වාධීනව කටයුතු කරන සෞඛ්‍ය ශ්‍රේණිවල ඉහළ තනතුරුවලට වෛද්‍යවරුන් පත්කරමින් තිබෙන බවත්, දැනට ඉතිරිව තිබෙන්නේ තම සේවාව හා හෙද සේවාව පමණක් බවද සඳහන් කළේය.
එහෙත් කිසිලෙසකින් තම සේවාවේ ඉහළ තනතුරට ඉහළින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ තනතුරක් පත්කිරීමට ඉඩ ලබානොදෙන බවත්, අද සිදුකරන ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ ක්‍රියාමාර්ග ගන්නා බවද ලේකම්වරයා අවධාරණය කළේය.
අද (21දා) උදෑසන 7.00 සිට සවස 7.00 දක්වා කාලය තුළ සියලුම රාජකාරිවලින් ඉවත්ව මෙම සංකේත වැඩවර්ජනය සිදුකරන බවත්, මෙම ක්‍රියාමාර්ගය ලංකාව පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගීවන බවදලේකම්වරයා පවසා සිටියේය.