කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදෙමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් දරණ බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
උන්වහන්සේ වර්තමානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක හෝ වෙනත් කිසිදු තනතුරක් නොදර බවත් කැකිරාව පොලිසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පවත්වන බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.