කොවිඩ් ආසාදිතයෙකු ප්‍රතිකාර සඳහා යොමුකිරීමට උත්සාහ කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ගැසූ එම ආසාදිතයා රෝගී තත්ත්වය පහව යාමෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අටලුගමදී මෙම සිදුවීම සිදුවූ අතර මහජන යහපත වෙනුවෙන් කටයුතු කරන සෞඛ්‍ය අංශ සේවකයන්ට මේ ආකාරයෙන් පරිභව කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
“කොවිඩ් ආසාදිතයෙකු ප්‍රතිකාර සඳහා යොමුකිරීමට අටලුගමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට අදාළ පුද්ගලයා විසින් කෙළ ගැසීමක් සිදුකර තිිබුණා.
මේ පිළිබඳව විමර්ශන කර සිදුකර බණ්ඩාරගම පොලිසීය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදුකර තිබෙනවා. අදාළ පුද්ගලයා කොවිඩ් ආසාදිත රෝගියෙක් නිසා එම රෝගී තත්ත්වයන් පහ වූ පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.”